ඉංග්‍රීසි ඉගෙන ගන්නන් හට තම ඉංග්‍රීසි භාෂා දැනුම ඉහළ නංවා ගැනීමට සහාය වීම සඳහා http://www.english-attack.com (“English Attack!”) හරහා පිවිසිය හැකි තම වෙබ් අඩවියෙන් අධ්‍යාපනික සහ විනෝදයෙන් අධ්‍යාපනය ලබා දෙන සේවා සහ නිෂ්පාදන එන්ටර්ටේන්මන්ට් ලර්නින් සමාගම විසින් ඉදිරිපත් කෙරේ. English Attack! වලින් සපයන සේවාවන්ගේ භාවිතය, මෙම විකුණුම් සහ භාවිතය පිළිබඳ කොන්දේසි වලට යටත් වේ.
පරිශීලකයා, ඔහුගේ හෝ ඇයගේ පරිශීලක ගිණුම නිර්මාණය තහවුරු කිරීමෙන් මෙම විකුණුම් සහ භාවිතය පිළිබඳ කොන්දේසි කියවා තේරුම් ගෙන ඒවාට යටත් වීමට කැමති බවට හඟවමින් එකඟ වේ. එසේ එකඟ නොවේ පරිශීලකයා හට තවදුරටත් ලියාපදිංචි වීමේ ක්‍රියාවලියේ ඉදිරියට යා නොහැකි අතර අඩවියෙන් ලබාදෙන සේවාවන්ට පිවිසීමට නොහැකි වේ.
English Attack! හි නොමිලයේ සහ මුදල් ගෙවා ලබා ගන්නා සේවා යන ද්විත්වයටම අදාළ පරිශීලකයන් හට විකුණුම් පිළිබඳ කොන්දේසි අදාළ වේ.
ගිවිසුමේ තොරතුරු ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කර ඇති අතර ලියාපදිංචි වීමේ ක්‍රියාවලියේදී සහ/හෝ වෙබ්අඩවියෙන් මාර්ගගතව සේවාව මිලදී ගන්නා අවස්ථාවේ දී පරිශීලකයා මෙය තහවුරු කලයුතුය.
පරිශීලකයා: යනු අන්තර්ගතයන්ට දායක වන්නෙකු සහ/හෝ පරිශීලක ගිණුමක හිමිකරුවෙකු සහ/හෝ www.english-attack.com හිදී පිරිනැමෙන සේවාවන් භාවිතා කරන්නෙකු වශයෙන් සේවාවන්ට පිවිසෙන සත්‍ය එසේත් නැත්නම් නිත්‍යානුකූල පුද්ගලයෙකි.
නරඹන්නෙකු: යනු නැරඹීමට, උපදේශනයට සහ/හෝ www.english-attack.com හිදී ලබාදෙන සේවාවන් භාවිතා කිරීමේ එකම පරමාර්ථයෙන් www.english-attack.com වෙබ අඩවියෙන් පිරිනමන සේවාවන් වලට පිවිසෙන සත්‍ය එසේත් නැත්නම් නිත්‍යානුකූල පුද්ගලයෙකි.
එන්ටර්ටේන්මන්ට් ලර්නින්: www.english-attack.com වෙබ අඩවියේ සේවාවන් සහ නිෂ්පාදන පළ කරන්නා
English Attack!:www.english-attack.com වෙබ් අඩවියෙන් ලබාදෙන සේවාවේ නාමයයි
මෙම විකුණුම් සහ භාවිතය පිළිබඳ කොන්දේසි වලදී English Attack!සහ එන්ටර්ටේන්මන්ට් ලර්නින් යන පද වලින් මෙම එකම පාර්ශවය හඟවනු ලැබේ. කියවීමේ පහසුව පිණිස මෙතැන් පටන් සමාගම හැඳින්වීමට English Attack! යන පදය භාවිතා කෙරෙනු ඇත.
සේවා(ව): දත්ත ධාරක සහ තොරතුරු, දත්ත ප්රකාශනය කිරීමේ මෙවලම් සහ තොරතුරු, භාෂා අභ්‍යාස සහ ක්‍රීඩා, සන්නිවේදන මෙවලම්, සෙවුම් මෙවලම්, පිවිසුම් සහ දත්ත සමුද්ධරණය සහ අඩවිය වෙත එන නරඹන්නන් සහ/හෝ පරිශීලකයන් වෙනුවෙන් නිර්මිත සන්නිවේදන වේදිකාවක් හරහා පිවිසුම් යන මේවා ඇතුළු, මීට සිමා නොවූ, www.english-attack.com වෙබ් අඩවියේ English Attack! විසින් ගෙවීමෙන් පසුව හෝ නොමිලයේ ලබාදෙන සියලුම සේවා හෝ සේවාවක් මෙසේ හඳුන්වනු ලැබේ.
පරිශීලක නාමය: යනු පරිශීලකයාව හඳුනා ගෙන සේවාවට(වලට) පිවිසීමට ඉඩ ලබා දෙන්නා වූ ඔහුගේ හෝ ඇයගේ සත්‍ය නාමය, ඊමේල් ලිපිනය, පටබැඳි නාමය, සහ පරිශීලකයා විසින් තෝරාගන්නා ලද හෝ English Attack! විසින් ආරෝපිත ඕනෑම පින් අංකයක් හෝ මුරපදයක් වේ.
පෞද්ගලික ගිණුම, පරිශීලක ගිණුම හෝ English Attack! ගිණුම: යන මේවායෙන්, විශේෂයෙන්ම www.english-attack.com හි සම්පුර්ණ කෘත්‍යයන් සහ සේවා (සේවාව) වෙත පිවිසීමට අවශ්‍ය වන ඔහු හෝ ඇය හඳුන්වන හඳුන්වනයන් ඇතුළු පරිශීලකයෙකුට අදාළ පෞද්ගලික දත්ත හඳුන්වනු ලැබේ.
ලියාපදිංචි වීම: යන්නෙන් සේවාවට (සේවා වලට) ප්‍රවේශය ලබා ගැනීම සඳහා පරිශීලකයා විසින් www.english-attack.com හිදී සම්පුර්ණ කළ යුතු මාර්ගගත ලියාපදිංචිවීමේ ක්‍රියාවලිය හැඟවේ.මෙම ලියාපදිංචි වීමෙන් හඳුන්වන සහ පරිශීලකයාගේ පෞද්ගලික ගිණුම නිර්මාණය කිරීම සිදු වේ.
තමන් වයස අවුරුදු 18ට හෝ තමන්ගේ රටට අනුව වයෝපුර්ණ වන විය ඉක්මවා ගිය තාත්වික පුද්ගලයෙකු බවට පරිශීලකයා සහතික වෙයි. බාලවයස්කාර විට: බාලවයස්කාර පරිශීලකයෙකු තමන් සේවාවට පිවිසීම සඳහා තම දෙමව්පියන්ගේ හෝ භාරකරුගේ අවසරය ලබාගෙන ඇති බවට එකඟ වේ.
පරිශීලකයා විකිණීමේ සහ භාවිතය පිළිබඳ කොන්දේසි වලට එකඟ වෙයි. විකිණීමේ සහ භාවිතය පිළිබඳ කොන්දේසි වලට අනුකූල නොවන ලෙස English Attack! මොනයම් අයුරින් හෝ භාවිතා කිරීම තහනම් වන අතර එය දඩුවම් ලැබිය හැකි වරදකි.
English Attack! හි ඇති ගිණුම නිර්මාණය කිරීමේ බොත්තම ක්ලික් කිරීමෙන් පරිශීලකයා විකුණුම් සහ භාවිතය පිළිබඳ කොන්දේසි සහ පහත දක්වා ඇති සියලුම නීති පිළිගනිමින් ඒවාට එකඟ වේ.
මෙම විධිවිධාන වලට එකඟ නොවන්නේ නම් පරිශීලකයා හට ඔහුගේ හෝ ඇයගේ පරිශීලක ගිණුම නිර්මාණය කිරීම තහවුරු නොකරන ලෙසත් www.english-attack.com වෙබ් අඩවිය භාවිතා නොකරන ලෙස හා නැරඹීමට නොපැමිණෙන ලෙසත් මෙයින් පවසා සිටිනු ලැබේ.
English Attack! වලින් පිරිනමන සේවාවන් ලබාගත හැක්කේ අන්තර්ජාල සම්බන්ධතාවයක් හරහා පමණි. මේ නිසා, සේවාවට(සේවාවන් වලට) පිවිසීමට පරිශීලකයා අන්තර්ජාල සම්බන්ධතාවයක් භාවිතා කළ යුතුය. සියලුම දුරකථන සම්බන්ධතා, දත්ත සම්බන්ධතා, උපකරණ සහ අන්තර්ජාල ප්‍රවේශයට අදාළ ගාස්තුදරාගැනීම සම්පුර්ණයෙන්ම පරිශීලකයා සතු වගකීමකි.
English Attack! තම සේවාව සහ එහි අන්තර්ගතයන් වෙත සීමිත පැවරිය නොහැකි පොදු නොවන ප්‍රවේශයක් ලබා දෙයි.
මාස හයකට (6) වඩා වැඩි කාලයකින් සේවාවට සම්බන්ධ වී නොමැති ලියාපදිංචි පරිශීලකයන්ගේ ගිණුම් අක්‍රිය කර දැමීමේ අයිතිය English Attack! සතුය.
English Attack! පරිශීලක ගිණුමක් වෙත පිවිසිය හැක්කේ පරිශීලක නාමයක් සහ මුරපදයක් ආශ්‍රිතයෙනි. ගිණුමේ පරිශීලක නාමය පරිශීලකයා හඳුනාගන්නා සාක්ෂියයි.
ගිණුමේ හිමිකම English Attack!වෙතම පවතී. තමන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු පරිශීලක ගිණුම හරහා සේවාවට පිවිසීමට පමණක් පරිශීලකයාට අවසර ලබා දෙනු ලැබේ.
ගුරුවරයෙක්, පාසලක්, පුහුණු ඒජන්සියක්, සමාගමක් හෝ වෙනත් සංවිධානයක් විසින් පරිශීලකයා වෙනුවෙන් පරිශීලක බලපත්‍රයක් මිලදී ගන්නා විශේෂිත අවස්ථාවක දී හැර මුල් නම හා අවසන් නම ප්‍රසිද්ධ කරනු නොලැබේ (වැඩි විස්තර සඳහා පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය බලන්න).
පරිශීලක ගිණුමක් නිර්මාණය කිරීමට, පරිශීලකයා පහත තොරතුරු ඇතුළත් කළ යුතුය:
- පරිශීලක නාමය
- මුරපදය
- ඊමේල් ලිපිනය (සමහර පාසල් සහ සංවිධාන වල ගිණුම් වලදී හැර)
- උපන්දිනය
- පදිංචි රට
- මව් භාෂාව
තම පරිශීලක ගිණුම පරිශීලකයෙක් හට කළමනාකරණය කළ හැක්කේ www.english-attack.com හිදීම පමණි.
පරිශීලක නාමයෙන් සහ මුරපදයයෙන් පරිශීලකයෙකුට www.english-attack.com හි තිබෙන විශේෂාංග වලට පිවිසීමට ඉඩකඩ ලබා දෙයි. ලියාපදිංචි වීමේදී ලබාදෙන පුද්ගලික දත්ත නිවැරදි, ඔප්පු කළ හැකි සම්පුර්ණ හා නවතම තොරතුරු විය යුතු වේ. ගිණුම ඊමේල් මගින් තහවුරු කිරීමට අවශ්‍ය නිසා පුද්ගලික වලංගු ඊමේල් ලිපිනයක් (සමහර පාසල් සහ සංවිධාන වල ගිණුම් වලදී හැර) ඇතුළත් කළ යුතුවේ. මෙම ඊමේල් ලිපිනය වෙබ්අඩවියේ ප්රකාශනය කරන නව අධ්‍යාපනික අංග පිලිබඳව සතිපතා පුවත්පත්රිකාවක් හරහා පරිශීලකයා වෙත දැන්වීමට ද මෙම ඊමේල් ලිපිනය භාවිතා කෙරෙනු ඇත.
English Attack! ග්‍රාහකත්වයක් පළමු වරට පරිශීලකයෙකු විසින් මිලදී ගන්නා විට ඔහුගේ හෝ ඇයගේ පරිශීලක ගිණුම ප්රිමියුම් තත්වයට ලඟා වන අතර එහිදී, එනම් මුල් වරට දායකත්වය මිලදී ගත් විට, පරිශීලකයාගෙන් පහත දක්වා ඇති අමතර තොරතුරු විමසා සිටිනු ඇත.
- පදවි නාමය
-මුල් නම සහ වාසගම
-ලිපිනය
ලිපිනය හෝ ඊමේල් ලිපිනය වෙනස් වීම ඇතුළු මෙම තොරතුරු වලට සිදුවන ඕනෑම වෙනස්වීමක් පිළිබඳව පරිශීලකයා English Attack!වෙත දන්වා සිටිය යුතුය.
පරිශීලකයාගේ ගිණුමේ පරිශීලක නාමය වලංගු එකක් වීම සඳහා පහත නීති වලට අනුකූල විය යුතුය.
- එය උච්චාරණය කළ හැකි වචනයක් විය යුතුය (එනම් “xvnritg” වැන්නක් නොවිය යුතුය)
- ලිංගික හෝ අශ්ශීල අරුතක් තිබෙන්නක් නොවිය යුතුය
- දේශපාලනික අදහස්, ජාති ආගම් ප්‍රජා ආදියට අදාල දෙයක් නොවිය යුතුය
- අශිෂ්ට හෝ අපහාසාත්මක එකක් නොවිය යුතුය
- එහි ඔබේ නම හෝ වාසගම නොතිබිය යුතුය
- ලියාපදිංචි කර ඇති වෙළද ලකුණකට සමාන හෝ එහි අනුකරණයක් නොවිය යුතුය
-මත්ද්‍රව්‍ය හෝ නීතියෙන් තහනම් වෙනත් ද්‍රව්‍යයක් හඟවන සුළු එකක් නොවිය යුතුය
- English Attack! වල භාවිතා වන නම් වලට සමාන හෝ අනුකාරක යමක් නොවිය යුතුය (උදා.“Booster”)
-English Attack! වල මැදහත් කරුවෙකු, කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු හෝ සේවකයෙකුගේ නමට අනුකාරක හෝ සමාන එකක් නොවිය යුතුය.
-ඉහත ලැයිස්තුගත කර ඇති නීති මඟහැර යන ආකාරයේ හෝ එම නීති වලින් රිංගා යන අයුරේ එකක් නොවිය යුතුය.
තම මුරපදයේ රහස්‍යභාවය රැකගැනීමේ සම්පුර්ණ අයිතිය පරිශීලකයා සතු වන අතර, ඔහු හෝ ඇය මුරපදය කිසිම අවස්ථාවක අන් කිසිවෙකුට ලබා නොදීමටත් පරිශීලක ගිණුම්, මුරපදය, පරිශීලක නාමය අන් කිසිම පුද්ගලයෙකුට ලබා නොදීමටත් එකඟ වේ.
පරිශීලක ගිණුමට, පරිශීලකයාගේ පරිගණකයට හෝ එම ගිණුමේ මුරපදය නැතිවීමෙන් හෝ වෙන කෙනෙකු වෙත ලබාදීමෙන් සිදුවිය හැකි කිසිම හානියකට English Attack! වගවනු නොලැබේ.
පරිශීලකයාට English Attack! හි පරිශීලක ගිණුමක් සඳහා නොමිලයේ ලියාපදිංචි විය හැක. English Attack! පරිශීලකයා හට නොමිලයේ ලැබෙන අත්හදාබැලීමේ අවස්ථාවක් සහිත වලංගු ලියාපදිංචි කරන ලද ගිණුමක් ලබා දේ. නොමිලයේ ලැබෙන මේ අවස්ථාවට අදාළ වන ගිවිසුමට දින නියමයකින් තොරව ඇතුළත් විය හැකි අතර, පරිශීලකයා ඉන්පසු ප්රිමියුම් ග්‍රාහකත්වයක් මිලදී නොගත්තේ නම්, අවශ්‍ය ඕනෑම විටෙක අප වෙත දැනුම් දීමකින් තොරවම මෙය නවත්වා දැමිය හැක.
පරිශීලකයා විසින් තම පරිශීලක ගිණුම මකා දැමීමෙන් මෙම නොමිලයේ ලැබෙන ට්‍රයල් ගිවිසුම නවත්වා දැමිය හැක. පරිශීලකයා ප්රිමියුම් ගිවිසුමකට ඇතුළත් වූ විටෙක මෙම ප්රිමියුම් ගිවිසුම අත්හිටුවා දැමීමේදී මෙම නියම සහ කොන්දේසි වලට අනුකුල වන පරිදි එසේ කළ යුතුය.
පරිශීලකයා විසින් පරිශීලක ගිණුම නවතා දැමු විට සියලුම ගිණුම් දත්ත ඉවත් වී යයි. ඉන්පසු කිසිම දත්තයක් පරිශීලකයා හට නැවත ලබා දෙනු නොලැබේ. පරිශිලක ගිණුම නවතා දැමීමෙන් පසුව English Attack! වෙත කිසිම දත්තයක් රඳවා නොගනු ඇත.
පරිශීලකයා විසින් ලියන පණිවුඩ සහ ජනනය කරන ඕනෑම අන්තර්ගතයක් සම්බන්ධයෙන් ඔහු හෝ ඇය සම්පුර්ණයෙන්ම වගකීම භාර ගතයුතුය.
වෙනත් පරිශීලකයන්හට හෝ English Attack! සේවකයන්ට අපහාස කිරීම, තර්ජන කිරීම හෝ මොනයම් හෝ ආකාරයෙන් අඩන්තේට්ටමක් කිරීම සම්පුර්ණයෙන්ම තහනම් අතර වර්ගවාදී, ප්‍රකෝපකරවන සුළු, අශිෂ්ට හෝ ප්‍රංශ, යුරෝපීය, අන්තර්ජාතික නීති වලට පටහැණි ආකාරයේ කමෙන්ටු සහ සන්නිවේදන ද සපුරා තහනම්ය.
අනෙක් පරිශීලකයන් වෙත "ස්පෑම්" සහ පළ ප්‍රයෝජනයක් නොමැති ඊමේල් යැවීමද මොනයම් හෝ ආකාරයේ වාණිජමය පිරිනැමුම් යැවීමද තහනම්ය.
රැවටිලි සහගත ක්‍රියා තහනම්ය. මේ නිසා අනෙකුත් English Attack! පරිශීලකයන්ට වඩා ලකුණු ගැනීමට හෝ වාසි අත්කර ගැනීමට අඩුපාඩුකම්, තාක්ෂණික දෝෂ හෝ වෙනත් කිසිම ආකාරයේ දෝෂයක් භාවිතා නොකිරීමට පරිශීලකයා එකඟ වෙයි. මේ ආකාරයෙන්ම, පරිශීලකයා එවන් අඩුලුහුඩු කමක් හෝ දෝෂයක් අභ්‍යාසවල පෝරම වල සහ වෙනත් ඕනෑම සේවාවක තිබෙන බව දැනගත් වහාම ඒ පිළිබඳව support@english-attack.com ඊමේල් ලිපිනයෙන් English Attack! වෙත දැනුම් දීමට ද ඔහු හෝ ඇය තවදුරටත් එකඟ වෙයි. සොරකම්කිරීමට සහ English Attack! විසින් අවසර නොලත් මෘදුකාංග භාවිතය තහනම් කර ඇත. එසේම රැවටීමට හැක් කිරීමට හෝ English Attack! සොරෙන් භාවිතා කිරීමට වැඩසටහන් නිර්මාණය කිරීම හෝ එවැන්නක් භාවිතා කිරීමද තහනම් වේ. උදාහරණයක් ලෙස, වෙබ් අඩවියේ තිබෙන ක්‍රියාකාරකම් ස්වයංක්‍රීය කිරීමට බොට් මෘදුකාංග භාවිතය සපුරා තහනම්ය.
පරිශීලකයා තමන් භාවිතා කරන English Attack! ගිණුම සහ සියලුම English Attack! අන්තර්ගතයන් වෙසෙසින්ම English Attack!ට සහ/හෝ එහි හවුල්කරුවන්ට අයත් බව ඔහු හෝ ඇය පිළිගනියි. එසේම වෙනත් ඕනෑම පුද්ගලයෙකුට හෝ තුන්වන පාර්ශවයකට English Attack! පරිශීලක ගිණුමක් නැවත විකිණීම සපුරා තහනම් වේ. www.english-attack.com වෙබ් අඩවිය සහ එහි සේවාවන් භාවිතයෙන් ප්‍රංශ, යුරෝපීය සහ අන්තර්ජාතික නීති හා රෙගුලාසි උල්ලංගනය නොවිය යුතුය.
English Attack! වල තිබෙන සමහරක් අන්තර්ගත කොටස් යම් පුද්ගලයන් කෝප කරවන සුළු විය හැකිය(උදා. සාහසික හෝ අශිෂ්ට භාෂා විලාසයක් අඩංගු වන අන්තර්ගත). මේ නිසා නුසුදුසු හෝ සිත කලබල වෙන සුළු අන්තර්ගතයන් තිබෙන විට පරිශීලකයා දැනුවත් කිරීමට English Attack! ට අනතුරු හැඟවීමේ පද්ධතියක් තිබේ. මෙම අනතුරු හැඟවීමේ පණිවුඩ සලකා බලා එමගින් ඔහුට හෝ ඇයට අපහසුතාවයක් ඇති වනු ඇතැයි හැඟෙන්නේ නම් එවන් ෆ්ලෑග් කරන ලද ඒවා වෙතට පිවිසීමෙන් වැළකීම පරිශීලකයා සතුය.
මෙම නියම සහ කොන්දේසි ප්‍රකාරව පවතින හෝ English Attack! විසින් රචනය කරන ලද වෙනත් ඕනෑම ලේඛනයක අඩංගු නියෝග එකක් හෝ ඊට වඩා වැඩි ගණනක් කඩ කරන ලද අවස්ථාවකදී English Attack! සේවාවන්, පරිශීලක ගිණුම සහ සමාගමේ අනෙක් සියලුම වෙබ් අඩවියන්හී භාවිතය සහ ඒවා වෙත ප්‍රවේශය පෙර දැනුම්දීමකින් තොරව තම තනි කැමැත්ත මත සම්පුර්ණයෙන්ම නවතා දැමීමේ හෝ සීමා කරදැමීමේ අයිතිය සමාගම සතුවේය.
කොන්දේසි කඩ කිරීමෙහි බරපතලකම අනුව දණ්ඩන තීරණය වන අතර අදියර තුනකින් (3) ක්‍රියාවට නංවනු ලැබේ.
1) අනතුරු හැඟවීමක් ලබා දීම: පරිශීලකයා හට තම ඊමේල් ලිපිනයට හෝ English Attack! ගිණුමේ ඇති ඕනෑම පණිවුඩ යවන තැපැල් මල්ලකට අනතුරු හැඟවීමේ පණිවුඩයක් ලැබෙනු ඇත.
2) දින හතක(7) අත්හිටුවීමක්: පරිශීලකයා පළමු අනතුරු හැඟවීමෙන් පසුවත් ඔහුගේ හෝ ඇයගේ චර්යාව වෙනස් කරගෙන නොමැති නම් English Attack! පරිශීලක ගිණුම දින 7ක් දක්වා අත්හිටුවා දැමෙනු ඇත. මෙම කාලසීමාව ඇතුලත, ඔහුට හෝ ඇයට තම English Attack! පරිශීලක ගිණුමට සහ වෙබ් අඩවිය විසින් සපයන සේවාවන් වලට පිවිසීමට හැකියාවක් නොමැත.
3) ස්ථිර ලෙස අතිහිටුවා දැමීම: පෙර ලබා දුන් අනතුරු හැඟවීම් සහ දණ්ඩන වලට පසුවත් පරිශීලකයාගේ හැසිරීම වෙනස් කරනොගන්නේ නම් ඔහුගේ හෝ ඇඅයගේ English Attack! පරිශීලක ගිණුම මකා දැමෙනු ඇත. ග්රාහකත්ව කාලසීමාව අවසන් වීමට පෙර මෙම නියම සහ කොන්දේසි එකක් හෝ කිහිපයක් කඩ කිරීමෙන් පරිශීලක ගිණුමක් අතිහිටුවා දැමීමක් හෝ මකා දැමීමක් සිදුවුවද ග්‍රාහකත්වය සඳහා ගෙවන ලද මුදල පරිශීලකයාට නැවත ලබා ගත නොහැක.
මෙම දණ්ඩන සඳහා අභියාචනා ඉදිපත් කළ නොහැකි අතර පරිශීලකයා හට කිසිම අයුරකින් English Attack! විසින් ගනු ලැබූ තීරණය පිළිබඳ අභියෝග කළ නොහැක.
English Attack! ට මෙම නියම සහ කොන්දේසි වල විස්තර කර ඇති නීති වලට අනුකූල නොවන පරිශීලක නාම ප්‍රතික්ෂේප කිරිමට හෝ වෙනස් කිරීමට හැකියාව තිබේ.
ඉහතින් විස්තර කර ඇති දණ්ඩන වලට අමතරව English Attack! විසින් අවශ්‍ය පරිදි වරදකරුට එරෙහිව සිවිල් සහ අපරාධ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.
English Attack! පාරිභෝගික සේවාවන් වෙත පිවිසීමේදී English Attack! support@english-attack.com ඊමේල් ලිපිනය භාවිතා කිරීම වඩා ප්‍රිය කරයි.
මෙම පාරිභෝගික සේවාව භාවිතා කළ යුත්තේ ඊමේල් හරහායි. ලැබෙන පණිවුඩ English Attack!හි අභිමතයට පමණක්ම අනුකූලව කලමනාකරණය කළ හැකි අතර පිළිතුරු සැපයීමෙන් වැලකී සිටීමේ අයිතිය ද හිමියි.
ඔබට ග්‍රාහකත්වය සහ අලෙවියෙන් පසු සේවාවන් වලට අදාළ සියලුම ගැටළු සඳහා පහත ලිපිනයෙන් English Attack! පාරිභෝගික සේවාව ඇමතීමටද හැකියාව තිබේ.
- English Attack! 75 RUE DE LOURMEL PARIS 75015
- ඊමේල් මගින් නම් support@english-attack.com
ඔහුගේ හෝ ඇයගේ English Attack! පරිශීලක ගිණුමේ සුරක්ෂිතතාවය පිළිබඳ පරිශීලකයා සැක පහල කරන්නේ නම් ඔහු හෝ ඇය වහාම support@english-attack.com ඊමේල් ලිපිනය හරහා English Attack! වෙත ඒ බව දැනුම්දිය යුතුය. එවිට English Attack! ගිණුම සහ/හෝ එහි දත්ත ආරක්ෂණය කිරීමට අවශ්‍ය සුදුසු පියවර ගනු ඇත. මෙම සිදුවීම පිළිබඳ පරීක්ෂණය කිරීමට ගත වන කාලසීමාව අතරතුර අදාළ ගිණුමට ප්‍රවේශ වීම වලක්වාලීමට English Attack! සතුව පුර්ණ අයිතිය පවතී. පරීක්ෂණය අවසානයේ දී English Attack! තමන්ගේ අභිමතයට අනුකූලව ගැටලුව නිරාකරණය කරනු ඇත.
English Attack! සේවාවන් මැනවින් ක්‍රියාත්මක වන බව සහතික කිරීමටද මෙම සේවාවන් සතියේ දින 7 පැය 24 පුරාවට ලබා දීමටද English Attack! සෑම උත්සාහයක්ම ගනු ඇත.
කෙසේවුවද, අඩවියට ප්‍රවේශ වීම හා එය භාවිතය සම්බන්ධයෙන් එක ක්‍රමයකට පමණක් English Attack! වල මෙම වගවීම සීමා වේ. English Attack! අඩවියෙන් පිරිනමන විශේෂාංග වලට සැමවිටම පිවිසිය හැකි වන බවට හෝ අක්ෂරවින්යාස වල වැරදි, තාක්ෂණික හෝ වෙනත් වැරදි අඩංගු නොවන බවට හෝ එම අඩවියට දායකත්වය සපයන සේවාදායක, වයිරස් හෝ දෝෂ වලින් තොර බවට හෝ English Attack! හට සහතික විය නොහැක.
නඩත්තු කටයුතු, අත්හදා බැලීම්, ප්‍රතිසංස්කරණ කටයුතු හෝ English Attack! වල සංවර්ධන සහ මෙහෙයුම් කටයුතු සඳහා කෙරෙන වෙනත් ඕනෑම දෙයක් නිසා කිසිදු ආධීනතාවකට යටත් නොවී, සුළු මොහොතකට English Attack! වෙබ් අඩවියට ප්‍රවේශ වීමට බාධා සිදුවිය හැකිය. English Attack! වල වගකීම නීතියෙන් ලබාදෙන අනුපාතික බලපෑම් අවස්ථා වල භාවිතා කළ නොහැක.
වෙබ් අඩවිය ප්රකාශනය කිරීම නැවත්වීමට ද එහි ප්‍රතිපලයක් ලෙස සේවා (සේවාවන්) ලබාදීම දින නියමයකින් තොරව අත්හිටුවා දැමීමටත් English Attack! හට අයිතිය හිමිවේ.
නීතියෙන් හෝ සමාගම සහ පරිශීලකයා අතර විශේෂයෙන් ඇතුළත් වී ඇති වෙනත් විශේෂ සම්මුති වලින් අන් ලෙසකට පවසා නොමැති නම් පරිශීලකයා පහත දේට එකඟ වේ:
- "English Attack!” සේවාව, එනම් www.english-attack.com ආශ්රිත වෙබ් අඩවිය සහ එහි අඩංගු වන අන්තර්ගතයන් "එපරිද්දෙන්" සපයා දෙනු ලැබේ.
- මෙම සේවා, වෙබ් අඩවිය සහ අන්තර්ගතයන් භාවිතයේ පූර්ණ වගකීම පරිශීලකයා සතුවන අතර එහි ප්‍රතිපලයක් ලෙස සිදුවන යමකද වගකීම ඔහු හෝ ඇය දරා ගත යුතුවේ
- මෙම නියම සහ කොන්දේසි වලට අනුකුල නොවී English Attack! භාවිතා කරන කිසිම හෝ සියලුම අවස්ථා වෙනුවෙන් වගකීම English Attack! භාර නොගනී. සෘජු හෝ වක්‍ර ලෙස සිදුවිය හැකි හානි, දත්ත විනාශ වී යාම හෝ English Attack! භාවිත කිරීමෙන් හෝ නොකිරීමෙන්ද, අත් වැරදීමෙන් ද සිදුවිය හැකි ලාභ වෙනුවෙන්ද, එසේ නොමැති නම් අන් වෙනත් ඕනෑම English Attack! වලට අදාළ හේතුවක් සඳහාද එයට වගවිය නොහැක.
- කුමන හෝ හේතුවක් නිසා වෙබ් අඩවිය හෝ සේවාව ඇනහිටිමකදී මොනයම්හෝ ගාස්තුවක් ගෙවීමට English Attack! බැඳීනැත.
එසේම, වෙනත් වෙබ් පිටු වලද, අනෙක් බ්ලොග් වල හෝ English Attack! වෙත යොමු කෙරෙන එහෙත් English Attack! විසින් පාලනය නොකෙරෙන වෙබ් අඩවි වලද, වෙනත් වෙබ් පිටුවලට හෝ වෙනත් වෙබ් අඩවි වලට හෝ තුන්වන පාර්ශව වලින් ප්රකාශනය කෙරෙන සහ කළමනාකරණය වන බ්ලොග වෙත යොමු විය හැකි ලෙස English Attack!වෙබ් අඩවිය තුලද අඩංගු ලින්ක සම්බන්ධයෙන් ගත් විට, මෙම තුන්වන පාර්ශව වලින් මෙම වෙබ් අඩවි තුල සිදුකරන ප්‍රකාශන හා කළමනාකරණ කටයුතු ප්‍රංශ, යුරෝපීය, හෝ අන්තර්ජාතික නීති සහ රෙගුලාසි වලට අනුකූල නොවන විටෙක ඒවායේ අන්තර්ගත වන දෑ සම්බන්ධයෙන් English Attack! වගකියනු නොලැබේ.
බුද්ධිමය දේපල සංග්‍රහයේ L122-4 වගන්තියට අනුව ලේඛකයාගේ හෝ ඔහුගේ අනුප්‍රාප්තිකයාගේ හෝ පැවරුම්කරුගේ විශේෂිත අවසරයකින් තොරව සම්පුර්ණයෙන් හෝ අර්ධ වශයෙන් සිදුකෙරෙන ඕනෑම නිරුපණයක් නීතිවිරෝධීය.
මෙම වෙබ් අඩවියේ පූර්ණ හිමිකාරත්වය English Attack! සතුය. පරිශීලකයා හට, නියම සහ කොන්දේසි පිළිපදින සහ ඊට ගරු කරනතාක් වෙබ් අඩවියට පිවිසීමට සහ එය භාවිතා කිරීමට පුද්ගලික විශේෂිත නොවන පැවරිය නොහැකි අයිතියක් පමණක් හිමි වේ."English Attack!" වලින් කලින් ලද ලිඛිත ගිවිසුමකින් තොරව ඔහුට හෝ ඇයට අනෙක් සියලුම අයිතීන් අහිමි වේ. මේ නිසා, English Attack! විසින් පළකෙරෙන අන්තර්ගතයන්, එනම් පාඨ, චිත්‍රක, ලාංචන, නම්, වෙළඳ ලකුණු, වෙළඳ නාම, පදවි, ටැබ්, විශේෂාංග, රූප, නාද, දත්ත, ඡායාරූප සහ වෙනත් ඕනෑම දෘඩාංගයක හෝ මෘදුකාංගයක හිමිකම වෙසෙසින්ම English Attack! හෝ එහි හවුල්කරුවන් සතු වන අතර ඒවා බුද්ධිමය දේපල අයිතීන්ගෙන් ආරක්ෂා වනවා සේම අදාළ නීති සහ රෙගුලාසි වලටද යටත් වේ.
English Attack!හි තිබෙන අන්තර්ගතයන් English Attack! වල හෝ එහි හවුල්කරුවන්ගේ විශේෂිත ලිඛිත අවසරයකින් තොරව කිසිම අවස්ථාවක බාගත කිරීම, පිටපත් කිරීම, වෙනස් කිරීම, විකරණය කිරීම, මකා දැමීම, බෙදා හැරීම, සම්ප්‍රේෂණය කිරීම, බෙදා හැරීම, විකිණීම, බදු දීම, කුලී කිරීම හෝ වෙනත් දෙයකට කිසිම අයුරකින් භාවිතා කිරීම සිදු නොකළ යුතුය.
English Attack! අන්තර්ගතයන්, නියම හා කොන්දේසි වල සඳහන්ව ඇති අරමුණු වලට අමතරව වෙනත් ඒවා සඳහා භාවිතා නොකිරීමට සහ අයුතු ලෙස ප්‍රයෝජන නොගැනීමට පරිශීලකයා එකඟ වේ. English Attack! වෙබ් අඩවියේ තිබෙන ඕනෑම අංගයක් විකරණය කිරීම, පරිවර්තනය කිරීම, වැඩි දියුණු කිරීම, සංස්කරණය කිරීම, බෙදා හැරීම, වෙන් කිරීම හෝ අන්තර්ගත වලින් වෙනත් වෙනත් ඒවා නිර්මාණය කිරීම සඳහා, එවැන්නක් කිරීමට English Attack!විසින් හෝ මෙම අන්තර්ගත (අන්තර්ගතයේ) හිමිකරු විසින් වෙනත් ගිවිසුමකින් වෙසෙසින් අවසර දී නොමැති නම්, පරිශීලකයා හට අවසර නොමැත.
English Attack! වල රූප, කමෙන්ටු, පරිශීලක නාමයන් හෝ තමන්ගේ චායාරූපයක් පළ කිරීමට ඉඩකඩ ලබා දෙන පරිශීලක ගිණුමක් හිමි ලියාපදිංචි පරිශීලකයෙකු, එවන් දෑ සේවා කටයුත්තක් සඳහා හෝ මෙම සේවාව සම්බන්ධයෙන් සහ English Attack!වල ක්‍රියාකාරකම් සඳහා භාවිතා කිරීමට, ප්රතිනිෂ්පාදනය කිරීමට, බෙදාහැරීමට, ඒ ආශ්රිත කටයුතු වෙනුවෙන් නියෝජනය කිරීමට සහ ප්රකාශනය කිරීමට English Attack! වෙත අසීමිත, පවරා දිය හැකි ( උපබලපත්රයට හිමි අයිතිය ඇතුළුව), නොමිලයේ හිමිවන අන්තර්ජාතික අයිතියක් ලබා දේ.
ඕනෑම ආකෘතියකින්, ඕනෑම මාධ්‍යයක හා මාධ්‍ය නාලිකාවක අදාළ සේවාවේ ( සහ සේවාවෙන් ජනිත වන අනෙක් සියලුම ක්‍රියාකාරකම්) කොටසක් හෝ මුළු සේවාවම නැවත බෙදා හැරීම සහ ප්‍රවර්ධන කටයුතු ආශ්‍රිතව පවතින සිමානොවූ අයිතීන් මීට ඇතුළත් වේ.
පරිශීලකයා ඔහුගේ හෝ ඇයගේ අන්තර්ගතය English Attack! වලින් ඉවත් කරන්නේ නම් හෝ මකාදමන්නේ නම් ඉහතින් ලබාදෙන අයිතීන් අවසන් වේ.
www.english-attack.com වෙබඅඩවියේ තිබෙන පිටු, සේවා, මිල ගණන් හෝ ඊට බලපාන නියම සහ කොන්දේසි ඕනෑම විටක වෙනස් කිරීමට හෝ විකරණය කිරීමට English Attack! ට අයිතිය තිබේ. මෙම වෙනස්කම් දැනුම්දීමෙන් පසුව පරිශීලකයා දිගටම English Attack! පරිහරණය කරන්නේ නම් එමගින් ඔහු හෝ ඇය එම වෙනස් කම් පිළිබඳ දන්නා බව සලකා ගනු ලැබේ.
www.english-attack.com වෙබ්අඩවිය වෙත ලබා ගන්නා ඕනෑම පිවිසුමක් සඳහා කුකී පිළිගැනිම අනිවාර්ය වේ. මෙහෙයුම් සංඛ්‍යාන එක්රැස් කිරීමේ පරමාර්ථයෙන් English Attack! පරිශීලක හැසිරීම් පිළිබඳව කුකීස් භාවිතයෙන් තොරතුරු එකතු කරගනු ඇත. වෙබ් අඩවිය වෙත තිබෙන ඕනෑම ග්‍රාහකත්වයක් සඳහා මෙම කුකීස් පිළිගැනිම අනිවාර්ය වේ.
පහත දෑ වල සම්බන්ධ යම් තොරතුරු එක්රැස් කිරීමේ අයිතිය ද English Attack! සතුයි:
- පරිශීලකයාගේ පරිගණකය (IP, ISP, දෘඪාංග සැකසුම, මෘදුකාංග සැකසුම)
- English Attack!හිදී පිරිනමන සේවා
මෙම තොරතුරු, වෙබ් අඩවිය තුලදී ලබා දෙන සේවාවන් වලට අදාළව පරිශීලක අත්දැකීම ඉහළ නංවාලීම හෝ නියම සහ කොන්දේසි වලට අනුකුල වීම නියාමනය කිරීම ඇතුළු ඕනෑම අරමුණක් සඳහා භාවිතා කිරීමට English Attack! හට අවකාශය තිබේ. වලක්වාලීම සහ සම්බාධනය සඳහා සිදුකෙරෙන ඕනෑම ආකාරයේ තහවුරු කරගැනීමක් සඳහා සර්වර වල අඩංගු වන සියලුම තොරතුරු English Attack! හට භාවිතා කළ හැකිය.
English Attack! මුදල් ගෙවා ලබා ගන්නා සේවාවන් පිරිනමයි ("ප්රිමියුම් අවසරපත").මෙම ගෙවා ලබා ගන්නා සේවාවන් ග්‍රාහකත්වයක් ලෙස හෝ එක වරක් පමණක් ගෙවා ලබා ගතයුතු සේවාවක් ලෙස English Attack! වෙතින් ලබා ගත හැක. සේවාව සඳහා මුදල් ගෙවීම තහවුරු වූ පසු ගිවිසුම බල ගැන්වෙනු ලැබේ. මිල, කාලසීමාව, බිල්පත් ගෙවන ආකාරය සහ පිවිසිය හැකි සේවාවන් පිළිබඳව වෙබ්අඩවියේ ලබා ගත හැකි සේවාවන් විස්තර කර ඇත පිටුවේ දක්වා තිබේ.
ක්‍රය ඇණවුමේ දක්වා ඇති කාලසීමාව දක්වා නිශ්චිත කාලයක් සඳහා පමණක් වලංගු ගිවිසුම් සකස්කෙරෙන කෙරෙන අතර එම කාලසීමාව ඉකුත් වූ විට ගිවිසුම අවසාන වේ. කාලසීමාව වෙනුවෙන් ගෙවන ගාස්තුව ගිවිසුම සකස් කරන අවස්ථාවේ ගෙවිය යුතුවේ.
ක්‍රය ඇණවුමේ සඳහන් කර ඇති කාලසීමාව දක්වා ග්රාහකත්ව ගිවිසුම් සැකසෙනු ලැබේ. කාලසීමාව වෙනුවෙන් ගෙවන ගාස්තුව ගිවිසුම සකස් කරන අවස්ථාවේ ගෙවිය යුතුවේ. මූලික ග්රාහකත්ව කාලසිමාව අවසානයේ එම අයක්‍රමය යටතේම ඊට සමාන කාලසීමාවක් දක්වා ස්වයංක්‍රීයව ගිවිසුම අලුත් වේ. සම අලුත් කිරීමේ කාලසීමාවකම ප්‍රථම දිනයේදී ග්රාහකත්ව ගාස්තුව අයකරගනු ලැබේ.
දැනට පවතින ග්රාහකත්ව කාලසීමාව අවසාන වන දිනයට පැය 24කට පෙර,English Attack! වල තම ගිණුමේ කළමනාකරණ පිටුවට ගොස් "ප්රිමියුම් අවසරපත" කොටසේ ඇති නිවැරදි ලින්ක් එක ක්ලික් කිරීමෙන් පරිශීලකයා හට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඔහුගේ හෝ ඇයගේ ග්‍රාහකත්වය ස්වයංක්‍රීයව අලුත් වීම නවතා දැමිය හැක.
ග්‍රාහකත්වය කල්පිරීමට ඉතිරිවී ඇති කාලය සඳහා මුදල් ආපසු ගෙවීමක් මෙම ක්‍රියාවලියෙන් සිදුනොවන බව සලකන්න. පරිශීලකයන් හට තම ප්රිමියුම් ගිණුමට දැනට පවතින ග්රාහකත්ව කාලසීමාවේ අවසානය වන තෙක් ප්‍රවේශය හිමිවන අතර ඒ වන විට මිලදී ගෙන ඇති ග්රාහකත්ව කාලසීමා සඳහා මුදල් ආපසු ගෙවනු නොලැබේ.
බැංකු ගිණුමකට බැඳුනු ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පතකින් අදාල සේවාව වෙනුවෙන් ගෙවීම් කිරීමට පරිශීලකයා මුළුමනින්ම බැඳී සිටී.විද්‍යුත්-වාණිජ්‍යය සේවාව සම්බන්ධයෙන් සිදුවිය හැකි ගෙවීම් ගැටළු සඳහා English Attack! වගකියනු නොලැබේ.
ප්‍රථම මිලදීගැනීමේදී පරිශීලකයා වෙත ඊමේල් මගින් ඉන්වොයිසි යවනු ලැබෙන අතර පරිශීලක ගිණුමෙන් මෙම ඉන්වොයිසි වලට පිවිසිය හැක.
පාරිභෝගික අයිතීන් හා සම්බන්ධ පාරිභෝගික සංග්‍රහයට අදාලව අදාළ බැංකු ගිණුමේ තොරතුරු ඇතුළත් වන ලිපියක් පහත ලිපිනයට එවීමෙන්, ඉල්ලීම් ප්‍රකාරව ග්‍රාහකත්වයක් මිලදී ගෙන දින 14ක් ඇතුලත හේතු ඉදිරිපත් කිරීමකින් හෝ මුදල් කප්පාදුවකින් තොරව ග්‍රාහකත්වයට වැයවූ මුදල ආපසු ගෙවනු ලැබේ.
English Attack! 75 RUE DE LOURMEL, 75015 PARIS.
එක බැංකු ගිණුමක් සහ පරිශීලක ගිණුමක් වෙත මුදල් ආපසු ගෙවුම් එකක් පමණක් සිදුකරනු ලැබේ.
එවන් ලියකියවිලි ලැබීමෙන් පසු, English Attack! වෙත ලිපිය ලැබීමෙන් දින 14ක් ඇතුලත පරිශීලකයා වෙබ් අඩවිය වෙත ගෙවන ලද සම්පුර්ණ මුදල ආපසු ගෙවා දැමෙනු ඇත.
මතක් කිරීමක් වශයෙන්, පාරිභෝගික සංග්‍රහයේ නීති ප්‍රකාරව, සේවාවන් භාවිතයෙන් පසුව (නොමිලයේ හෝ ගෙවන) පරිශීලකයා හට මුදල් ආපසු ගැනීමේ අයිතිය ක්‍රියාවට නැංවිය නොහැක.
මෙම සියලුම නීති සහ කොන්දේසි, ඔබ පදිංචිව ඇති රටේ නීතියට අනුව වඩා සුදුසු කොන්දේසි බලපැවැත්වෙන අවස්ථා හැරුණු කොට ප්‍රංශ නීතියට අනුව පාලනය වීමත් වටහා ගැනීමත් සිදු කෙරෙනු ඇත. නියම සහ කොන්දේසි වලට අඩංගු යම් කිසි හෝ කොටසක් රටේ නීතියට අනුව නීති විරෝධී, වලංගු නොවන හෝ බලගැන්විය නොහැකි වන්නේ නම්, එම අදාළ නිතිය හෝ නීති නොපවත්නා නීති ගණයට වැටෙන අතර ඉතිරි නීති සහ කොන්දේසි සම්පුර්ණයෙන්ම බල ගැන්වෙන හා අදාළ වන අතර තවදුරටත් වලංගුව පවතිනු ඇත.
මෙම පාඨයෙන් ඉදිරිපත් කර ඇති සියලුම නීතිරීති මම පිලිගනිමි.