2018 මැයි සිට බලාත්මකයි. මෙවන් සන්නිවේදනයේ නව ක්‍රමවේදයක් ශීඝ්‍රයෙන් ගොඩනගමින් යන අතරතුර පුද්ගල රහස්‍යභාවය රැකගැනීමේ අවශ්‍යතාවය වෙනදාටත් වඩා තදින්ම දැනේ. අපි අපගේ සේවාවන් ක්‍රියාවට නැංවීම සඳහා රැස් කරන පෞද්ගලික තොරතුරු වල රහසිගත බවට ගරු කිරීමට අපි නිරන්තරයෙන් ඇපකැප වී සිටිමු.
අපි අපගේ පරිශීලකයන්ගෙන් පහත තොරතුරු එක්රැස් කරගන්නෙමු
- පරිශීලකනාමය
- ඊමේල් ලිපිනය
- වාසගම
- මුල් නම
- උපන්දිනය
-ස්ත්‍රී පුරුෂ බව
-මව් බස
-පදිංචි රට
-ප්‍රොෆයිල් පින්තූරය
පරිශීලකයා විසින් ස්වේච්ඡාවෙන් www.english-attack.com වෙබ් අඩවිය තුල ලියාපදිංචි වන විට සපයන සහ ඔහු හෝ ඇය වෙබ් අඩවිය භාවිතා කිරීමේදී භාවිතා වන එම සියලුම තොරතුරු පෞද්ගලික තොරතුරු වලට ඇතුළත් වේ. පහත විස්තර කර ඇති පරිදි "දත්ත" යන සවිස්තරාත්මක පදයෙන් "ලියාපදිංචි වීමේ දත්ත" සහ "පරිශීලනය කිරීමේ දත්ත" යන දෙකම හැඟවේ:
තම English Attack! පරිශීලක ගිණුම නිර්මාණය කිරීමේදී පරිශීලක විසින් පුරවන දත්ත කොටු වල තිබෙන සියලුම දත්ත ලියාපදිංචි දත්ත වේ. වෙබ් අඩවියේ සමහර විශේෂාංග වලට පිවිසීමට මෙම දත්ත කොටු වලින් සමහරක් පිරවීම අනිවාර්ය වේ. දැනට පරිශීලක නම, මුල් නම වාසගම, උපන්දිනය, ස්ත්‍රී පුරුෂ බව ඊමේල් ලිපිනය මව් භාෂාව සහ පදිංචි රට වැනි තොරතුරු මීට අයත් වේ. මෙම තොරතුරු වලින් කිසිවක් ප්‍රසිද්ධ කරනු නොලැබේ.
වෙබ් අඩවියේයට ග්‍රාහකත්වයක් මිලදී නොගන්නේ (ප්රිමියුම් අවසර පතක් මිලදී ගැනීම) නම් පරිශීලකයාගේ මුල් නම සහ වාසගම සැපයීම අනිවාර්ය නොවේ. මෙම සම්පුර්ණ නම යන තොරතුර රහසිගතව තබා ගන්නා අතර English Attack! හි ලියාපදිංචි වූ විට පරිශීලකයාට පමණක්ම එය දැකගත හැක. පරිශීලකයා හඳුනා ගැනීමට සහ ඔහු සමඟ සන්නිවේදනය කිරීමට හැකි වන පරිදි ලබාදෙන මෙම තොරතුරු නිවැරදි සහ නවතම ඒවා වන බව පරිශීලකයා විසින් වග බලා ගතයුතු වේ.
පරිශීලක ගිණුම පරිශීලකයා වෙනුවෙන් ගුරුවරයෙකු, පාසලක්, පුහුණු ඒජන්සියක්, සමාගමක් හෝ වෙනත් සංවිධානයක් විසින් මිලදී ගෙන ඇති විට, ගුරුවරයාට සහ සමාගමේ පරිපාලකවරයාට පරිශීලකයාගේ මුල් නම, අවසන් නම, ඊමේල් ලිපිනය(සපයා ඇති විට), අභ්‍යාස වල ලකුණු, ඇගයීම් පරීක්ෂණ වල ප්‍රතිඵල සහ වෙබ්අඩවිය භාවිතා කිරීමේ සංඛ්‍යාන වෙත ප්‍රවේශය හිමිවිය හැක. එසේ නොවේ නම්, වෙබ්අඩවිය තුළ ස්වායත්ත ලෙස පරිශීලක ගිණුමක් නිර්මාණය කරන ඒකල පරිශීලකයන්ගේ භාවිතය පිළිබඳ දත්ත පරිශීලකයා English Attack! වෙතට ලොග් වන විට ස්වයංක්‍රීයව එක්රැස් කරගැනේ. මෙම දත්ත අඥාත නිසා පරිශීලකයා හඳුනාගැනීමට භාවිතා කළ නොහැක.
අපි රැස් කරගන්නා පෞද්ගලික තොරතුරු සුරක්ෂිත පරිසරයක ගබඩා කෙරේ.
පරිශීලකයන් හට වෙබ්අඩවිය විසින් පිරිනමන සේවාවාන් මුළුමනින්ම අත්විඳීමට ඉඩ සැලැස්වීමටත් පරිශීලක අත්දැකීම දිගින් දිගටම ඉහළ දැමීමට අපට සහය වීමටත් ඔවුන්ගේ පුද්ගලික තොරතුරු විවිධ අයුරින් www.english-attack.com වෙබ්අඩවිය විසින් භාවිතා කෙරේ:
වෙබ්අඩවිය දිගින් දිගටම වැඩිදියුණු කරවීමට අපට සහාය වන්නා වූ සේවා භාවිතය පිළිබඳ සංඛ්‍යාන ගොඩනැගීමට මෙම දත්ත එක්රැස් කිරීම, වාර්ථා කරගැනීම, ක්‍රියායනය කිරීම සහ භාවිතා කිරීම රහසිගත ලෙස සිදුකරනු ලැබේ. තනි තනි පරිශීලක ප්‍රෝෆයිල මෙහිදී ගොඩනගනු නොලැබේ.
ලියාපදිංචි වන අවස්ථාවේදී එකතු කරගන්නා දත්ත English Attack! සඳහා වේ. කෙසේ වුවත් නීතියකින්, රෙගුලාසියකින් හෝ සුදුසු නියාමන සහ නීතිමය බලධරයෙකුගේ තීරණයට අනුව මෙම දත්ත නිරාවරණයකට ලක්විය හැකි බව පරිශීලකයා හට දැනුම් දෙනු ලැබේ.
ලියාපදිංචි වීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස අපගේ හවුල්කරුවන්ගේ වාණිජමය පිරිනැමුම් ඉලෙක්ට්‍රොනික ලෙස ලබා ගැනීමට පරිශීලකයා එකඟ වී ඇත්නම් ඔහුගේ හෝ ඇයගේ ලියාපදිංචි වීමේ තොරතුරු අපගේ හවුල්කරුවන් වෙත ලබා දීමට ඉඩ ඇත. අපගේ හවුල්කරුවන්ගේ වාණිජමය පිරිනැමුම් ඉලෙක්ට්‍රොනික ලෙස ලබා ගැනීමට පරිශීලකයාට තවදුරටත් අවශ්‍ය නොවේ නම් ඔහුට ඕනෑම මොහොතක තම පරිශීලක ගිණුමේ සැකසුම් වෙනස් කරමින් අපට ඒ බව දන්වා සිටිය හැක.
English Attack! විසින් එහි සතිපතා පරිශීලක පුවත්පත්රිකා සහ ප්රවර්ධක ඊමේල් ලිපි එවීම නවත්වා දමන ලෙස English Attack! වෙත ඉල්ලුම් කිරීමට පරිශීලකයාට හැකියාව ඇති අතර ඒ සඳහා මෙම අයිතම එවන ඊමේල් ලිපිවල දක්වා ඇති ඉවත් වීමේ විකල්ප බොත්තම භාවිතා කළ හැකියි. වෙබ්අඩවිය තුල ඔබේ පරිශීලක තොරතුරු (පරිශීලක ගිණුම නිර්මාණය කිරීමට භාවිතා කරන ලද පරිශීලකනාමය සහ/හෝ ඊමේල් ලිපිනය) දක්වමින් English Attack, 75 RUE DE LOURMEL, PARIS 75015, FRANCE ලිපිනයට මෙම පණිවුඩ එවීම නවත්වා දමන ලෙස ලිඛිත ඉල්ලීමක් කිරීමට ද නැතහොත් ඊමේල් හරහා contact@english-attack.com අපව සම්බන්ධ කර ගැනීමට ද පරිශීලකයාට අවස්ථාව ඇත.
"අමතක කර දැමීමේ අයිතිය" ක්‍රියාවට නංවමින්, යම් හේතුවකින් පරිශීලක ගිණුමක් අක්‍රිය කර දැමු විට එම English Attack! ගිණුමට අදාළ ලියාපදිංචි වීමේ දත්ත එම ගිණුම අක්‍රිය කර දැමූ දිනයට පසුදිනයේ සිට මාස 12ක් ඇතුලත මකා දැමෙනු ඇත. මාස 6ක් හෝ ඊට වැඩි කාල සීමාවක් අකර්මන්‍යව තිබෙන English Attack! ගිණුම් වල පවතින සියලුම තොරතුරු, ලියාපදිංචි තොරතුරුවලට අදාළ ඒවාත් සමඟ අක්‍රිය කර දමනු ඇත.
ප්‍රේක්ෂකයන් මිනුම් කෙරෙන Google විශ්ලේශකය විසින් එක්රැස් කරගන්නා දත්ත ගබඩා කරගැනීම සම්බන්ධයෙන් දැනගැනීම සඳහා අපි පරිශීලකයන් හට Google සමාගමේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය අසුරුකරන මෙන් ඉල්ලා සිටිමු.
මෙම වෙබ් අඩවිය තුල ගබඩා කෙරෙන තොරතුරු වල රහස්‍යභාවය පිළිබඳව English Attack! සහතික වේ. කිසිම අවස්ථාවක ලියාපදිංචි පරිශීලකයන්ගේ ඊමේල් ලිපින හෝ නම යන දත්ත වෙබ් අඩවිය තුල ප්‍රදර්ශනය කරනු නොලැබේ.
In accordance with French Law No. 78-17 "Informatique et Libertés" of 6 January 1978, personal data collected by English Attack! on its website has been declared to the CNIL, registered under file number 1456011
1978 වසරේ ජනවාරි 6 දින නීතිගත වූඅංක 78-17 දරණ "Informatique et Libertés" නීතියට අනුව English Attack! විසින් තම වෙබ්අඩවිය තුළදී එක්රැස් කරගන්නා පෞද්ගලික දත්ත, ගොනු අංක 1456011 යටතේ ලියාපදිංචිව CNIL වෙතට ප්රකාශනයකට යටත්ව තිබේ.
වගන්ති අංක 39ට සහ දත්ත, ගොනු සහ නිදහස සම්බන්ධයෙන් 2004 වසරේදී සංශෝධනයට වූ 1978 වසරේ ජනවාරි 6 දින නීතිගත වූ අංක 78-17 දරණ නීතියට අනුව ඕනෑම පුද්ගලයෙකුට ඔහුට හෝ ඇයට පිළිබඳ තොරතුරු ලබා ගැනීමටත් අවශ්‍ය නම් නිවැරදි කිරීමට හෝ මකා දැමීමටත් හැකියාව තිබේ.
මේ අයිතීන්වලට හිමිකම් කීමට ඔබට මෙම ලිපිනයෙන් තැපැල් මගින් අපට දැන්විය හැක.
- Entertainment Learning SAS 75, RUE DE LOURMEL - PARIS 75015
- එසේත් නැත්නම් මෙම ඊමේල් ලිපිනයෙන් අප හා සම්බන්ධ විය හැක: contact@english-attack.com
- එසේත් නැත්නම් ඔබට www.english-attack.com හි "මගේ ගිණුම" පිටුවේ තිබෙන අදාල ඔබේ පරිශීලක ගිණුම් ප්‍රොෆයිලයට ඈඳුණු මාර්ගගත තොරතුරු වෙනස් කළ හැක.
කෙසේ වුවද,මෙසේ පෞද්ගලික තොරතුරු වලට පිවිසීමට හෝ පරිශීලක ගිණුමේ අඩංගු තොරතුරු වෙනස් කිරීමට ඉඩ ලබාදීමට ප්‍රථම මෙවන් ඉල්ලීම් කරන පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට English Attack! සුදුසු පියවර(වලංගු හඳුනාගැනීමේ සාක්ෂි ඉල්ලා සිටීමෙන්) ගැනීමේ අයිතිය අප සතුවේ.
The process of registering usernames and passwords required to access initiate the creation of a cookie stored on the hard disk of the user’s computer.English Attack! වලට පිවිසීමට අවශ්‍ය වන පරිශීලක නාම සහ මුරපද ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය නිසා පරිශීලකයාගේ පරිගණකයේ දෘඪ තැටියේ ගබඩා වන කුකී එකක් නිර්මාණය වේ. මෙම කුකී එකෙන්
"ස්වයංක්‍රීය සබඳතාව" භාවිතා කිරීමට හැකියාව ලැබෙන අතර එමගින් පරිශීලක නාමය සහ මුරපදය ඔබේ පරිගණකය තුල ස්ථානිකව කේතාංකීත ස්වරුපයෙන් තැන්පත් කෙරේ. මෙමගින්, පරිශීලකයා ඊළඟ වාරයේ අඩවිය නරඹන විට අඩවියේ සේවාවන් භාවිතා කිරීම සඳහා අලුතින් ලොග් වීමක් අවශ්‍ය නොවේ. මෙම කුකී වල අඥාත හා සමුහස්ථ දත්ත අඩංගු වන අතර පෞද්ගලික තොරතුරු එක්රැස් කරන ආකාරයෙන් කිසිසේත් නිර්මාණය වී නොමැත.
අපගේ සේවාදායකයෙකු භාවිතා කරන තාක්ෂණය හා සම්බන්ධ හේතූන් නිසා අපගේ වෙබ් අඩවිය නරඹන විට අවශ්‍ය අවස්ථා වලදී සංඛ්‍යාන විශ්ලේෂණ කටයුතු සහ වෙබ් අඩවියේ ප්‍රේක්ෂක පිරිස මැන බැලීම සඳහා සැසි වාර කුකී භාවිතය සිදුවනු ඇත.
Google විශ්ලේෂක සේවාවේ ඇති නියම සහ කොන්දේසි මාලාවේ වගන්ති අංක 8.1 ට අනුව අපි අපගේ පරිශීලකයන්ගේ අවධානය පහත ප්‍රකාශය වෙත යොමු කරමු:
“මෙම වෙබ් අඩවිය Google සමාගම ( "Google") විසින් සපයාදෙන වෙබ් විශ්ලේෂණ සේවාවක් වන Google විශ්ලේශකය භාවිතා කරයි. වෙබ් අඩවියේ පරිශීලකයන් එය භාවිතා කරන ආකාරය විශ්ලේෂණය කිරීමට සහාය කරගැන්ම සඳහා Google විශ්ලේශකය ඔබේ පරිගණකයේ ගබඩා කෙරෙන පෙළ ගොනුවක් හෙවත් ටෙක්ස්ට් ගොනුවක් වන කුකී යොදා ගනියි. ඔබ වෙබ් අඩවිය භාවිතා කරන අයුරු පිළිබඳ කියැවෙන කුකී එකෙන් ජනනය කෙරෙන දත්ත (සහ ඔබේ IP ලිපිනය) Google විසින් එක්සත් ජනපදයේ තිබෙන සේවාදායක වලට සම්ප්‍රේෂණය කර ගබඩා කරනු ලැබේ. ඔබ වෙබ් අඩවිය භාවිතා කරන ආකාරය ඇගයීමටත්, වෙබ් අඩවියේ ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා එහි ලේඛකවරයා වෙත යොමු කිරීමටත් වෙබ් අඩවි ක්‍රියාකාරකම් සහ අන්තර්ජාල භාවිතයට අදාළ වෙනත් සේවාවන් ලබා දීමටත් Google මෙම තොරතුරු භාවිතා කරනු ඇත. නීතියෙන් අවශ්‍ය වූ විටෙකද, විශේෂයෙන්ම මෙම වෙබ් අඩවියේ ලේඛකවරයා ඇතුළු තුන්වන පාර්ශව Google වෙනුවෙන් මෙම තොරතුරු ක්‍රියායනය කරන විටෙක ද Googleට මෙම තොරතුරු එවන් තුන්වන පාර්ශවයකට ද ලබා දීමට හැකියාව තිබේ. Google වෙනත් Google දත්ත සමඟ ඔබේ පරිගණකයේ IP ලිපිනය සම්බන්ධ නොකරයි.
ඔබේ බ්‍රවුසරයේ අදාළ සෙටින්ග්ස් වෙනස් කිරීමෙන් මෙම කුකී භාවිතය අක්‍රිය කිරීමට හැකියාව තිබේ. කෙසේ වුවත් එසේ කිරීමෙන් මෙම වෙබ් අඩවියේ තිබෙන සමහර අංග භාවිතා කිරීමට ඔබට නොහැකි වනු ඇත.
Internet explorer:
http://windows.microsoft.com/fr-FR/windows-vista/Block-or-allow-cookies
Firefox:
https://support.mozilla.org/fr/kb/activer-desactiver-cookies?esab=a&s=cookies&r=0&as=s
Safari:
https://support.apple.com/kb/index?page=search&fac=all&q=cookies%20safari
chromium:
https://support.google.com/chrome/answer/95647?hl=fr
අප එක්රැස් කරගන්නා පෞද්ගලික තොරතුරු, යුරෝපියන් යූනියන් එක තුළ ආරක්ෂිත පරිසරයක ගබඩා කරනු ලැබෙන අතර මෙම තොරතුරු වලට ප්‍රවේශය සමාගමේ කලමනාකරණයට සහ අඩවි සංවර්ධකයන්හට පමණක් සීමා වේ.
අපත් සමඟ වැඩ කරන පුද්ගලයන් ඔබේ තොරතුරු වල රහසිගතභාවයට ගරු කිරීමට බැඳී සිටී.
ඔබේ ගනුදෙනු වල රහස්‍යභාවය සහතික කරගැනීම සඳහා නවතම තාක්ෂණික සොයාගැනීම් එක්කාසු කරමින් ඉහළ මට්ටමේ රහසිගත බවක් පවත්වාගෙන යාමට අපි ඇපකැප වී සිටිමු. කෙසේ නමුදු, කිසිම යාන්ත්රණයකින් උපරිම ආරක්ෂණයක් නොලැබෙන අතර අන්තර්ජාලය භාවිතයෙන් පෞද්ගලික තොරතුරු යැවීමේදී යම් මට්ටමක අවදානමක් සෑමවිටම පවතින බව සලකන්න.
ප්‍රංශ නීති පද්ධතියට ගරු කිරීමට අපි කැපවී සිටිමු.