
අපගේ නව්‍ය ශික්ෂණ ශාස්ත්‍රය ඔබව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ ඉංග්‍රීසි සයුරක නිමග්නය කරවන අතර අන්තර්ක්‍රියාකාරී සහ විනෝදජනක අංග හරහා ඔබේ උනන්දුව දිනයක් දිනයක් පාසා ඉහළ නංවාලයි.
වඩා වේගවත් ප්‍රගතියක් ලබා දීමට විවිධ ඉංග්‍රීසි භාෂා දැනුම් මට්ටම් ඉලක්ක කරගෙන අභ්‍යාස නිමවා ඇත.
අරඹන්නචිත්රපට සමඟ ඉංග්‍රීසි ඉගැනීම, කොයිතරම් සරල අදහසක් ද? දිනපතාම ඉංග්‍රීසි ගුරුවරුන් විසින් නිර්මාණය කෙරෙන පියවර 7කින් යුතු Video Booster® අභ්‍යාස ඔබට කෙටි වීඩියෝ පට සමඟින් ඉංග්‍රීසි භාෂාව පුහුණු වීමට ඉඩ සලසා දෙයි.
චිත්‍රපට කොටස්, රුපවාහිනී වැඩසටහන්, සංගීත වීඩියෝ, රුපවාහිනී පුවත් ආදිය ආශ්‍රය කරගත් පාඩම් 1,000 කට අධික ප්‍රමාණයක් තිබෙන නිසා ඔබේ ඉංග්‍රීසි භාෂා දැනුම පුහුණු වීමට සෑමවිටම අලුත් දෙයක් සොයා ගත හැකියි.
මාතෘකා ගණනාවක් සඳහා අර්ථදැක්වීම්, පරිවර්තන, රූප සහ උච්චාරණ ඇතුළත් Photo Vocab® ශබ්දකෝෂ ප්‍රකාශන16කින් නිර්මිතය. මේවා නව ඉංග්‍රීසි වචන ඉගැනීමට තිබෙන විනෝදජනක සේම කාර්යක්ෂම ක්රමයකි.
නිරූපිත ප්‍රකාශන 5,000 කටත් අධික ප්‍රමාණයක් තිබෙන නිසා ඔබේ සිත් ගන්නා දෙයක් සෑමවිටම සොයා ගත හැකියි.
ඉගැනුම් ක්‍රීඩා ඔබට Video Booster අභ්‍යාස වලින් ගත් ප්‍රකාශන ද, Photo Vocab ශබ්දකෝෂ වලින් ගත් වචනද අවිධිමත් ක්‍රියාපද ද පුහුණු වීමට ඉඩ සලසා දෙයි.
ඔබ මේ දැන් ඉගෙන ගත ඉංග්‍රීසි දිගු කාලීනව මතක තබා ගැනීමට අවශ්‍ය වන ආකාරයට වැඩි වාර ගණනක් නැවත නැවතත් පුහුණු වීමට අපගේ පෘථුල ඉගැනුම් ක්‍රීඩා ඔබට අවස්ථාව සලසා දේ.
English Attack! ඇගයුම් පරීක්ෂණය කෙටි වීඩියෝ පදනම් කරගෙන නිර්මාණය වී ඇති අතර CEFR (එනම් භාෂා සඳහා වන පොදු යුරෝපිය සමුද්දේශ රාමුව) විසින් අර්ථදක්වන ලද මට්ටම් වලට අනුව ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතා මට්ටම එමගින් ඇගයීම් කරනු ලැබේ.
ඔබ ඔබේ ගිණුම නිර්මාණය කළ පසු ඔබේ මූලික ඉංග්‍රීසි දැනුම් මට්ටම ඇගයීමට ලක් කිරීම උදෙසා අපගේ තේරීම් පරීක්ෂණයට මුහුණ දීමට ඔබට පවසනු ලැබෙනු ඇත.
ඉන්පසු කලක් ගත වන විට ඔබටම ඔබේ ප්‍රගතිය මැනගත හැකි වන පරිදි නව ඇගයුම් පරීක්ෂණ වලට මුහුණ දීමට ඔබට අවස්ථාව ලැබෙනු ඇත.
දැන් පවුලේ හැමෝටම එකම අවසර පතකින් තම ඉංග්‍රිසි දැනුම වැඩිදියුණු කරගත හැකියි.
තවත් පරිශීලක ගිණුම් 6ක් සමඟ අපගේ සියලුම අන්තර්ගත වලට ප්රවේශයේ වාසිය අත්විඳින්න
ළමා, තරුණ, වැඩිහිටි විවිධ වයස් මට්ටම් වල මේ කොයි කාටත් ඔබින ලෙස අපගේ අභ්‍යාස සැකසී ඇත.
අපගේ පවුල් අවසරපත්‍රය ගැන සොයා බලන්නඔබේ මට්ටමට සරිලන ආකාරයේ අභ්‍යාසයක් ඕනෑම විටෙක සොයාගත හැකියි. දිනකට මිනිත්තු 10ක් වැය කිරීමෙන් ඔබට ඔබේ ඉංග්‍රීසි දැනුම පුදුම එලවන සුළු තරම් මට්ටමකට වර්ධනය කරගත හැකියි. ඉතින් ඇයි තවත් බලා ඉන්නේ?
ඔබේ ගිණුම නොමිලයේ නිර්මාණය කරන්න