පරිශීලක ගිණුම් 6ක් දක්වා
දැන් චිත්‍රපට වල කොටස් සහ ක්‍රීඩා සමඟ පවුලේ සැමටම ඉංග්‍රීසි බස ඉගෙනිය හැකියි!
මුළු පවුලටම එකම අවසර පතක්: විශාල මුදල් ඉතිරියක් අත්විඳිමින් එක මුදලකට පවුලේ සාමාජිකයන් 6 ක් දක්වා ග්‍රාහකත්වය ලබා ගන්න
අවසරපත හිමි සියලුම පවුලේ සාමාජිකයන් හට සියලුම English Attack! අභ්‍යාස සහ විශේෂාංග වලට ප්‍රවේශය හිමි වේ.
කුඩා දරුවන් සඳහා දෙමාපිය පාලක ද මීට අයත්
බිල්පත් ගෙවුම් කළමනාකරණය කිරීම, ගිණුම් එකතු කිරීම හෝ ඉවත් කිරීම සහ පවුලේ සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ පරීක්ෂාවෙන් සිටීමට පරිපාලක ගිණුමක්
පාසලේදී ඉංග්‍රීසි ඉගෙනීම සෑමවිටම එතරම් සාධනීය හෝ විනෝදාත්මක නැහැ.
English Attack! කාලීන, පොළොඹවන සුළු අන්තර්ගතයන් රැගෙන එන්නේ එබැවිනි. ඉගෙනීම ප්‍රථමයෙන් වද වේදනා ගෙන දෙන අමිහිරි දෙයක් නොව සතුට දනවන දෙයක් වියයුතු බැවිනි.
විනෝදාත්මක සහ අන්තර්ක්‍රියාකාරී අභ්‍යාස සමඟ ඉංග්‍රීසි ඉගෙනීමේ නව්‍ය ක්‍රමවේදයක්
හරිම ලේසියි! ඔබ පවුලේ අවසර පත්‍රයක් මිලදී ගත විට ඔබේ English Attack! පරිශීලක ගිණුමේ 'පවුල' නම් ටැබ් එකක් දිස්වනු ඇත. එතැනින් ඔබට ඔබේ English Attack! පවුල් අවසර පත්‍රයට ඇතුළත් වීමට පවුලේ සාමාජිකයන් හට ආරාධනා කල හැකයි.
දැනටමත් English Attack! පරිශීලක ගිණුමක් තිබෙන ඔබේ පවුලේ සාමජිකයන් හට අලුත් ගිණුමක් නිර්මාණය කිරීමකින් තොරවම පවුල් අවසර පතට එකතු විය හැකියි. පවුලේ සෑම සාමාජිකයෙකුටම වෙනම තමන්ට අයත් පරිශීලක ගිණුමක් පවතිනු ඇති අතර ඒ හරහා තමන් තෝරා ගන්නා ඕනෑම අභ්‍යාසයක් ක්‍රීඩා කිරීමට ඔවුනට හැකියාව ඇත. පවුල් සංවිධායක වන ඔබට අවසර පත්‍රයට සම්බන්ධ වී ඇති සියලුම දෙනාගේ භාවිතය පිලිබඳ සංඛ්‍යාන වලට ද, දෙමාපිය පාලක වැනි දෑ සක්‍රිය කිරීමට හෝ බිල්පත් ගෙවුම් විස්තර ආදිය බැලීමට හැකියාව ලැබෙන සාමාජික කළමනාකරණය නම් අංගයට ද ප්‍රවේශය හිමිවේ.